සෙනසුරාදා උදේ මම ITN එකේ program එකට ගිහින් ආපහු ආවේ pickme tuk එකක. ඒකෙ driver අවුරුදු 55ක වගේ පිරිමි කෙනෙක්. මම ITN එක ගාවින් tuk එකට නැගපු නිසා වෙන්න ඇති එයා මගෙන් ඇහුවා “මිස් ITN එකේද වැඩ කරන්නෙ” කියලා. “නෑ, program එකකට ගියා” කියල මම කෙටි උත්තරයක් එයාට දුන්නා. “වැඩසටහන කවද්ද විකාශය වෙන්නෙ මිස්” කියල ආපහු ප්‍රශ්නයක් ඉදිරිපත් වුනා. “ඒක අද live එකක්. අදම විකාශය වුනා” කියල මමත් කිව්වා..”එහෙමද. මොකක්ද මිස් වැඩසටහන. දේශපාලන එකක්ද.”
“නෑ. ඒක කැම්පස් අවුට් වෙන්න ඉන්න ළමයින්ට රැකියා හොයාගන්න එක සම්බන්ධ වැඩසටහනක්” කියලා මම සරල විදියට උත්තර දුන්නා.
“ඒව ගැන කතා කරන එක නම් හොඳ දෙයක්. දැන් ළමයින්ට රස්සා හොයාගන්න එක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මගේ පුතත් පේරාදෙණිය කැම්පස් එකේ. ඒගොල්ලන්ට ඔය කැම්පස් එකේ ඉන්න කාලෙම මාස ගාණක පුහුණුවක් තියෙන්නෙ… අර…මේ…” කියලා එයා කියනකොට “internship එකද” කියලා මම ඇහුවා.
“ඔව් ඔව්.. ඉතින් අපේ ළමයින්ට ඔය internship හොයාගන්න සෑහෙන අමාරු වුනා.” කියල එයා කිව්වා.
පහු ගිය කාලය පුරාවටම අපි හැමදෙනාම internship ගැටලු ගැන research කරපු නිසා ලංකාවේ internship හොයාගන්න මේ වෙනකොට ඉතාම අපහසු මොන fields වලද කියල අවබෝධයක් තිබ්බ නිසාත් මම guess කරලා ඇහුවා “පුතා civil engineeringද කරන්නේ” කියලා.
“ඔව් මිස්. එයාට නම් පස්සේ එකක් යන්තම් හම්බ වුනා. ඒත් එයාගෙ යාලුවන්ට එහෙම හොයාගන්න සෑහෙන අමාරු වුනා කියල කිව්ව මතකයි. ඒ ළමයින්ට තාමත් පුහුණුවට යන්න ලැබිලද දන්නෙ නෑ” කියල එයා මට කිව්වා.
“හරියටම කියනවනම්, අපි මේ කරන්නෙ internship හොයාගන්න එක ගැන දැනුවත්කිරීම් තමයි. Internship හොයන ළමයින්වයි internship දෙන කොම්පැනීසුයි දෙපැත්ත සම්බන්ධ කරන වැඩේ තමා අපි මේ කරන් යන්නෙ” කියල මම එයාට කිව්වා.
“ඒව හොඳ වැඩ. අපේ ළමයි කවුරුත් ඒ ගැන දන්නෙ නෑ මං හිතන්නෙ.” කියලා එයා කිව්ව දේට,
“අපි මේ වැඩේ පටන් අරන් තවම ලොකු කාලයක් නෑ. ඒක ගැන දැනුවත් කිරීමේ වැඩ කරගෙන යන ගමන් තමයි මේ ඉන්නෙ” කියලා මම උත්තර දුන්නා.
“මිස්ලට පුළුවන් නම් මෙහෙම දේකුත් කරන්න. ඔය කාලයක් තියෙනව කැම්පස් එකේ ළමයින්ට පුහුණුවීම් හොයන. අන්න ඒ කාලෙට කම්පැනි වලින් ඒ අයට කතා කරල ඇවිල්ල දැනුවත් කරනවලු. මිස්ලගෙ වැඩ පිලිවෙල ගැන එහෙම දැනුවත් කරන්න පුළුවන් වුනා නම් සෑහෙන හොඳ වෙයි.”
තලතුනා වයසේ ඉන්න, tuk driver කෙනෙක් විදියට ඒ මොහොතේ මාත් එක්ක කතා කරපු ඒ මනුස්සයාට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමන්ගෙ පුතා ඉගෙන ගන්න බව කිව්ව ඒ තාත්තට, හොඳ අවබෝධයක් මේ ගැටලුව ගැන තියෙන බව හිතුන නිසාම එයා එක්ක කතා බහ tuk එකෙන් බහිනකම්ම මම continue කලා. Internship හොයාගන්න අපහසු කම නිසා ළමයින්ට මුහුණ දෙන්න වෙලා තියෙන සමහර ගැටලු ගැන, ළමයින්ගෙ ඉංග්‍රීසි ටික හරියට හදාගන්න ඕනි එක ගැන, ලංකාවෙ සමහර ක්ෂේත්‍ර කඩාවැටිල තියෙන එක ගැන, පොඩි පොඩි companies වල තියෙන opportunities ගැන ළමයි දැනුවත් වෙන්නෙ නැති එක ගැන, ITN එක ගාව ඉඳන් මහරගමට එන අතරතුර අපි කතා කලා. එයාගේ පුතාගේ යාලුවන්ට Myturn එකට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියන විස්තරත් ලබාගත්තා.
මේක ඉතාම අහඹු නමුත් සත්‍ය සිදුවීමක්. එයා එක්ක කතාවෙන් මම තේරුම් ගත්ත දේ තමයි මිනිස්සුන්ට දේවල් සිද්ධ වෙන්න ඕනි කියන එක ගැන, වෙන්න ඕනි විදිය ගැන අවබෝධය තියෙනවා. දෙයක් ක්‍රියාත්මක කරන්නයි සමහරවිට කෙනෙක් නැත්තෙ. අපිට මුළු ලංකාවෙ හැමදේම එක පාරින් වෙනස් කරන්න බැරි වෙයි. ඒත් සතුටින් කියන්න පුළුවන්, ලංකාවෙ තියෙන ප්‍රශ්න අතරින් එක ප්‍රශ්නයකට හෝ විසඳුම් හොයන්න Myturn අඩිතාලම දාල තියෙනවා.

Written by – අමා ගුණසුන්දර


ප්‍රතිචාරයක් ලබාදෙන්න